ප්‍රථම සද ගමන බොරුවක්
![]() |
ඔබ අපි සැවොම දන්නවා ප්‍රථම සද ගමනය ඇමෙරිකාවේ නාසා ආයතනය මගින් දියත් කරන ලද Appolo 11 මෙහෙයුම මගින් ජයගත් බව. එහෙත් අද අපි කියන්න යන්නේ ටිකක් වෙනස් කතාවක් ගැන. ඒ තමයි ප්‍රථම සද ගමනය බොරුවක් කියන එක. එහෙත් මේ කතාව බැලු බැල්මට බොරුවක් වගේ පෙනුනත් මෙය සනාත කරන්න ලොව පුරා විද්වතුන් පිරිසක් අති සාර්තක හේතු සහ සාක්ෂ්‍ය පෙන්වා දෙනවා.
මෙවැනි රංගනයක් ඔවුන් සිදු කිරිඉමට ප්‍රධාන හේතුව වශයෙන් ඔවුන් සිදු ඉහත සදහන් කල විද්වතුන් හා
විචාරකයන් පවසන්නේ ලෝක යුද්ධයෙන් පසුව සෝවියට් රුසියාව හා ඇමෙරිකාව අතර පවතී බල අරගලයේදී ඔවුන් එකිනෙකා පරයා ලොව බලවතා තමා යයි ලෝකයට පෙන්වන්නට උත්සාහ දැරිය. එහෙත් අභ්‍යාවකාශ තාක්ෂනය අතින් ඒ වන විට රුසියාව ඇමෙරිකාවට වඩා ඉදිරියෙන් සිටියේය. එය ඇමෙරිකාවටමාරු පහරක් විය. මේ අතර. සෝවියට් රුසියාව විසින් පළමු වරට මිනිසකු අභ්‍යාවකාශයට යවන ලද්දේ මේ අතරවාරයේදීය. ඒ මේජර් යුරි ගගරින්ය. එපමණක් නොව ඔහු රැගත් ෂටලය ඔහුත් සමගින් පෘථිවිය වටා රවුමක් ගොසින් පැමිණියේය. මෙම සිදුවීම ඇමෙරිකාවට මහත් අවනම්බුවක් වූ අතර ලගදීම දිනෙක රුසියාව විසින් සද ද ජයගනු ඇතැයි ඔවුන් බිය වි තිබුණි. එම නිසා ඔවුන්ට රුසියාවට පෙර සද ජයගැනීමට තිබු උවමනාව නිසා මෙවැනි රංගනයක යෙදුනු බවයි ඉහත කී විද්වතුන් පෙන්වා දෙන්නේ.
එයින් නොනැවතී මෙම පිරිස මේ සදහා සාක්ෂිද ඉදිරිපත් කරයි එයින් ප්‍රධානම සාක්ෂිය වන්නේ මෙම චායාරුපයයි. මෙහ අදාළ සාදකය වන්නේ. ප්‍රථම සද ගමනයට සහභාගී වුයේ ගගන ගමින් තිදෙනයි. ඒ නීල්
ආම්ස්ට්‍රෝන්, එඩ්වින් ඕල්ද්රින් හා මයිකල් කොලින්ස් ය. එයිනුත් මයිකල් කොලින්ස් සද වට කක්ෂ ගත කරන ලද මවු යානයේ රැදී සිටි අතර නීල් ආම්ස්ටෝන් හා එඩ්වින් ඔල්ද්රින් පමණක් ඊගල් යානයේ නැගී සදබලා පිටත් විය.ඒ අනුව සදට පය තැබුයේ මිනිසුන් දෙදෙනායි. එහෙත් මෙම චායාරුපයේ නීල් අම්ස්ට්‍රොන්ගේ හෙල්මටයේ. වීදුරුවෙන් එඩ්වින් ඔල්ද්රින් වෙනත් කාර්යක නිරත වෙමින් සිටිනවා පැහැදිලි ලෙස පෙනෙන අතර මේ දෙදෙනාම මෙම චයරුපයේ සිටියේ නම් මෙම චය රුපය ගත්තේ කවුද යන්නයි අනෙත් කරුණ නම් මෙම හෙල්මට් වීදුරුවෙන් පැහැදිලි ලෙස චයරුප ශිල්පියෙකුගේ චයවක් දක්නට ලැබීමයි.
එපමණක් නොව සුළග හෝ වාතය නැති සද මතුපිට ඇමෙරිකානු ජාතික කොඩිය ලෙල දෙන්නේ
කෙසෙදැයි යන්න මෙම විචාරකයින් පෙන්වා දෙන තවත් කරුණකි. ඒ වගේම මේ සදහා තවත් සාක්ෂි ගණනාවක්ම ඔවුන් විසින් ඉදිරිපත් කොට ඇති අතර ඒවා සියල්ල පහත විදියෝවෙන් නරඹන්න මෙය සත්‍යද හෝ අසත්‍යද යන්න පැවසීමට අප අප අපොහොසත් වෙමු. එය සිතා බලා තේරුම් ගැනීම ඔබ සතුයි.
( උපුටාගැනිමේදී මෙම ලිපියෙහි link එකක් දැමීම අමිවර්ය වේ)
( උපුටාගැනිමේදී මෙම ලිපියෙහි link එකක් දැමීම අමිවර්ය වේ)
සියලු සාක්ෂි දැකගැනීමට පහත වීඩියෝව නරඹන්න




EmoticonEmoticon